Home අද මිද්දෙණියේ වෙඩිතැබීමක් – පුංචි දියණියක් හා පියා මරුට

මිද්දෙණියේ වෙඩිතැබීමක් – පුංචි දියණියක් හා පියා මරුට

38
0

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

එම වෙඩිතැබීමෙන් පියා සහ 06 හැවිරිදි දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

යතුරුදියේ ගමන්කළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත. මරණකරුගේ පුතා සහ දියණිය තුවාල ලබා ඇති අතර දියණිය තංගල්ල රෝහලට හා පුතා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් හා දියණිය වයස අවුරුදු 06ක් පමණ වන ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

Previous articleවිදුලි විසන්ධි වීමට හේතුව වඳුරා කියන්න එපා – ඇමති නලින්ද
Next articleඝාතන රැල්ලට තවත් ඝාතන දෙකක් එකතුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here