අද (19) දිනයේත් පවතින උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු , උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවයි.
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනය වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය වරුන් අනතුරු අඟවයි.
මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ලැබෙන උපදෙස් මත පාසල් ආශ්‍රිත ක්‍රියාකාරම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයද පියවර ගෙන ඇති අතර
මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යොමු වීම පිළිබඳව ලැබෙන සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව කටයුතු කිරීමට පාසල් බලධාරීන්ද දැනුවත් කර තිබේ.
දිවයිනේ වායු තත්ව දර්ශකයේ අහිතකර තත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන අතර ඊයේ දිනයේ දී ද මෙම තත්වයේ වර්ධනයක් දක්නට ලැබුණු බව පෙන්වා දී තිබේ.