Home අද මැතිවරණ කොමිසමට පලාත් පාලන මැතිවරණය පවත්වන්න බාධාවක් නෑ – රෝහණ හෙට්ටිආරච්චි

මැතිවරණ කොමිසමට පලාත් පාලන මැතිවරණය පවත්වන්න බාධාවක් නෑ – රෝහණ හෙට්ටිආරච්චි

48
0

පලාත් පාලන ආයතන සදහා කැදවා තිබූ නාමයෝජනා ඊයේ පාර්ලිමේන්තුව තුල අවලංගු වුනා.ඒ අනුව ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් වේවි.ඒ අනුව දැන් මැතිවරණ කොමිසමට පුලුවන් පලාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්න.

දැන් කඩිනමින් මැතිවරණය පවත්වන්න කොමිසම බැදී සිටිනවා.දැන් කොමිසමට බාධාවක් නෑ. හෙට ගැසට් පත්‍රය නිකුත් කලොත් හෙට සිට දින 52 ක් තුල මැතිවරණය පවත්වන්න පුලුවන්.

අපොස සාපෙල විභාගය පවත්වන්න තිබෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුදු තිබෙනවා. ඒ නිසා මේ ගැන කොමිසම අවධානය යොමු කරාවි. මේ ගැන දේශපාලන පක්ෂ වලටත් වගකීමක් තිබෙනවා. මෙවැනි තත්ත්වයන් අපි අත් දැක තිබෙනවා. මේක අලුත් තත්ත්වයක් නොවෙයි. අවුරුද්දේ නාමයෙන් අල්ලස් ලබා නොදී කටයුතු කිරීම දේශපාලන පක්ෂ වල වගකීමක්.

ඒ වගේම නාමයෝජනා ලබාදීමේදී තරුණයන් 25% ක් ඇතුලත් කල යුතුයි. කාන්තා නියෝජනය තිබිය යුතුයි. අවම 10% ක් කොට්ඨාස මට්ටමින් ඇතුලත් කල යුතුයි. සමානුපාතික ලයිස්තුවට 50% ක් ඇතුලත් කල යුතුයි.

පලාත් පාලන මැතිවරණයේදී ඒ අදාල පලාත් පාලන මැතිවරණ සීමාවේ කෙනෙකුට පමණයි ඒ ප්‍රදේශයෙන් චන්දෙ ඉල්ලන්න පුලුවන් වෙන්නේ. මේ ගැන දේශපාලන පක්ෂ සැලකිලිමත් වෙන්න ඕන.

මැතිවරණය කල් දැමීමේ සංස්කෘතිය ආරම්භ කල හැමෝටම ලැබුනේ ඒකේ හානියක්.ජනතාව ඊට අවශ්‍ය පනිවුඩය ලබා දී තිබෙනවා.

මැතිවරණය කල්දාන්න ඕන කියලා පක්ෂ කියන්නේ නෑ.විභාගය ගැන හිතන්න කියලයි පක්ෂ කියන්නේ.
මීට පෙරත් විභාග කාලවල මැතිවරණ පවත්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කෙටුම්පත කියවා සම්මත වූ පසු ඉතිරි වන්නේ කතා නායක අත්සන් කිරීම පමණයි.

චන්ද දායකයන් ලක්ෂ 4 ට කට පමණ අලුතෙන් චන්දය හිමි වේවි මේ කලින් ලබා ගත් නාම යෝජනා අවලංගු කිරීම නිසා. ඒ අනුව මෙවර 2024 චන්ද හිමි නාම ලේඛනය යටතේ මැතිවරණය පැවැත්වේවි. මැතිවරණ වියදම් සීමා සම්බන්ධයෙන් ද අවධානය යොමු කල යුතුයි.

Previous articleහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී CID අත්අඩංගුවට
Next articleමාස 6 න් හයට දෙනවා කියූ ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීම කෝ ? දුමින්ද අහයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here