Home අද 2025 අයවැයත් 75 වසරක සාපයේම දිගුවක් – සාපයෙන් මිදෙන්න ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙලක්...

2025 අයවැයත් 75 වසරක සාපයේම දිගුවක් – සාපයෙන් මිදෙන්න ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙලක් නැහැ – හර්ෂ

53
0

මේ රට වසර 75 ක් පාලනය කළ රජයන්ගෙන් රටට සාපයක් වූ බවට චෝදනා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසර සඳහා ඉදිරිපත් කර ඇත්තේ මෙතෙක් පැවති එම සාපය සහිත ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එසේ නම් පැවති රජයන් රටට සිදුකළ සාපය කුමක්දැයි කිවයුතු බවත් වත්මන් රජය එම සාපය අනුමත කරමින් ඒ වැඩපිළිවෙළ ම ඉදිරියට ගෙනයමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේදී අද (18) අයවැය විවාදයට එක්වෙමින් මේ බව පැවසූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ 75 වසරක සාපයෙන් මිදීම සඳහා ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල අයවැය තුල දකින්නට නැති බවයි.

“පැවති රජයන් 75 වසරක් රටට සිදුකළ සාපය කුමක්දැයි පැවසිය යුතුයි. එසේ නැතිනම් වත්මන් ආණ්ඩුවත් එම සාපය අනුමත කර තිබෙනවා.

හැත්තෑ පස් වසරක සාපයෙන් මිදීම සඳහා ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල මෙම අයවැයෙන් දකින්නට නැහැ. එසේ නම් පූජකයාට බයිබලය හා ධම්මපදය පැටලුනාද නැතිනම් පූජකයා බයිබලය අත්හැර ඇත්දැයි කියා සිතාගත
නොහැකියි.

ජනාධිපතිවරයා ජනතාව ඇන්දුවා ද කියා සැකයක් මතුව තිබෙනවා.මෙම අයවය ධනවාදයද ? නැතිනම් සමාජවාදී ද ? සිතාගත නොහැකියි. ඒ නිසා ආණ්ඩුව එය පැහැදිලි කළ යුතයි ” යැයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය

Previous articleබංකොලොත් වෙච්ච රට ගොඩ අරගෙන ඉදිරිපත් කරන පළමු අයවැය මෙයයි – වසන්ත සමරසිංහ
Next articleආසියාවේ රිදී සීනුව ටිල්වින් නිහඬ කරයි – නිලන්ති කොට්ටහච්චි මැතිණියට පක්ෂයෙන් මාධ්‍ය වාරණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here