Home අද ගුවන් යානයක් පෙරලීමෙන් 18 ක් රෝහලට

ගුවන් යානයක් පෙරලීමෙන් 18 ක් රෝහලට

36
0

කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපලේදී ගුවන් යානයක් පෙරළී යාමෙන් තුන් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ර තිබේ.

මෙම අනතුරින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් ඉන් එක් දරුවෙකුට සහ වැඩිහිටියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පියර්සන් ගුවන් තොටුපළ බලධාරීන් පැවසුවේ මිනියාපොලිස් සිට පැමිණි ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි.

ඒ වනවිට ගුවන් යානයේ පුද්ගලයන් අසූ දෙනෙක් ගමන් කරමින් සිට ඇති අතර ඒ මගීන් 76 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙකු ලෙස බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබේ

Previous articleආජන්ටිනා ජනාධිපතිට දූෂණ චෝදනා
Next articleයළිත් සේවයට එක්වන පොලිස් නිලධාරීන්ට අනිවාර්ය පරීක්ෂණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here