2025 අයවැයෙන් රාජ්‍ය සේවකයින් සඳහා වැඩි වූ වැටුප් වැඩිවීම රුපියල් 8250.00 ක් බව සහ එම වැටුප් වැඩිවීම ද ලැබෙන්නේ වසර 03ක කාලයකදී බව TALKS HUB YouTube නාලිකාව පවසයි.
2025 අයවැයේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් එම නාලිකාව මේ සම්බන්ධයෙන් පවසනවා.
පසුගිය රජයන් සමයේදී රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටි එවකට වෘත්තීය සමිති නායකයින් වන මහින්ද ජයසිංහ, වසන්ත සමරසිංහ වැන්නවුන් පාලනය කරන වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවයට ලබාදී ඇති වැටුප් වැඩිවීම රුපියල් 8250ක් බවත් එම වැඩසටහනේ සඳහන් කර තිබේ.