Home අද වාරි ක්ෂේත්‍රය සංවර්ධනයට මිලියන 78,000 ක් – 2025 පොහොර සහනාධාර​යට රුපියල් මිලියන...

වාරි ක්ෂේත්‍රය සංවර්ධනයට මිලියන 78,000 ක් – 2025 පොහොර සහනාධාර​යට රුපියල් මිලියන 35,000 ක්

87
0

වාරි ක්ෂේත්‍රය සංවර්ධනයට රුපියල් මිලියන 78,000 ක් වෙන්කරන බවත් 2025 පොහොර සහනාධාර​ය සඳහා රුපියල් මිලියන 35,000 ක් වෙන්කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

2025 අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව කියා සිටියා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* සමූපකාර ක්‍රමවේදය දියුණු කිරීමට රුපියල් මිලියන 100 ක්

* කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අගය දාමය වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 2500 ක්.

* වාරි ක්ෂේත්‍රය සංවර්ධනයට රුපියල් මිලියන 78,000 ක් හා පැරැණි වාරි ක්‍රම දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 2,000 ක්.

* පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා. පොල් සඳහා ගෝලීය ඉල්ලුම දිගටම වැඩිවෙමින් තිබෙනවා.

* උතුරු පොල් ත්‍රිකෝණයේ සංවර්ධන වැඩ සඳහා රුපියල් මිලියන 500 ක්.

* 2025 පොහොර සහනාධාර​ය සඳහා රුපියල් මිලියන 35,000 ක් වෙන්කර තිබෙනවා.

* කෘෂිකාර්මික තීරණගැනීම​ට සඳහා යාවත්කාලීන කරන ලද දත්ත පද්ධතියක් ස්ථාපිත කරනවා

* වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 5000 ක්.

* ප්‍රමාණවත් වී ආරක්ෂණ තොගයක් පවත්වා ගන්නවා.

* වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කරනවා.

* කෘෂිකර්ම අමාත්‍යංශයට දී ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500 ක්.

* ඌන උපයෝජිත ඉඩම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* කෘෂිකර්ම ක්ෂේත්‍රයට තරුණ ව්‍යවසායකයින් කැඳවීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.

Previous articleඩිජිටල් ආර්ථිකය , ජාතික ආර්ථිකයෙන් 12% ක්!
Next articleවිදායකයෙන් ව්‍යවස්ථාදායකට නව පනත් කිහිපයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here