වාරි ක්ෂේත්‍රය සංවර්ධනයට රුපියල් මිලියන 78,000 ක් වෙන්කරන බවත් 2025 පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35,000 ක් වෙන්කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
2025 අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව කියා සිටියා.
එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.
* සමූපකාර ක්‍රමවේදය දියුණු කිරීමට රුපියල් මිලියන 100 ක්
* කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අගය දාමය වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 2500 ක්.
* වාරි ක්ෂේත්‍රය සංවර්ධනයට රුපියල් මිලියන 78,000 ක් හා පැරැණි වාරි ක්‍රම දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 2,000 ක්.
* පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා. පොල් සඳහා ගෝලීය ඉල්ලුම දිගටම වැඩිවෙමින් තිබෙනවා.
* උතුරු පොල් ත්‍රිකෝණයේ සංවර්ධන වැඩ සඳහා රුපියල් මිලියන 500 ක්.
* 2025 පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35,000 ක් වෙන්කර තිබෙනවා.
* කෘෂිකාර්මික තීරණගැනීමට සඳහා යාවත්කාලීන කරන ලද දත්ත පද්ධතියක් ස්ථාපිත කරනවා
* වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 5000 ක්.
* ප්‍රමාණවත් වී ආරක්ෂණ තොගයක් පවත්වා ගන්නවා.
* වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කරනවා.
* කෘෂිකර්ම අමාත්‍යංශයට දී ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500 ක්.
* ඌන උපයෝජිත ඉඩම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
* කෘෂිකර්ම ක්ෂේත්‍රයට තරුණ ව්‍යවසායකයින් කැඳවීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.