Home අද වැඩි මිලට වී ගන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් දැඩි අවවාදයක් !

වැඩි මිලට වී ගන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් දැඩි අවවාදයක් !

116
0

කුමන මිලකට වී මිලදී ගත්තත් සහල් වෙළඳපළට නිකුත් කළ යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති සහල් පාලන මිල සඳහන් ගැසට් පත්‍රය අනුව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පවසයි.

වැඩි මිලට සහල් විකිණීමේ අපේක්ෂාව ඇතුව වී මිලදී ගැනීමට කටයුතු කළත් ඊට ඉඩනොදෙන බවද ඔහු සඳහන් කළේය .

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මේ බව සඳහන් කර සිටියේ අද (13) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .

මේ වන විටත් දිස්ත්‍රික් මට්ටමින් ඇතුළුව ලැබෙන තොරතුරු අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි දිවයින පුරා සහල් ඇතුළු අනිකුත් භාණ්ඩ මිල පිළිබඳව වැටලීම් සිදු කරන බවද ඒ මහතා පැවසීය.

එළැඹෙන උත්සව සමය ඇතුළු අනිකුත් කාලවල සහල් සහ අනෙකුත් භාණ්ඩ වැඩි මිලට අලෙවි නොකරන ලෙස ‍ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළහොත් පෞද්ගලික ව්‍යාපරිකයකුට රුපියල් ලක්ෂයත් ලක්ෂ 5 ත් අතර දඩමුදලක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ ඒ දඬුවම් දෙකම ලබාදීමේ හැකියාව ඇති බවත් සමාගමක් නම් රුපියල් ලක්ෂ 5 සිට මිලියන 5ක් දක්වා දඩ මුදලක් නියම කිරීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

Previous articleලිපියට මාස 2 යි : ආචාර්ය රංවලගේ “ආචාර්ය” සහතික තවමත් නෑ !
Next articleශ්‍රී ලංකාවට ජාතික රෝහල් 4ක් හොඳටම ඇති – තව හදන්නේ එකක් විතරයි – ඇමති නලින්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here