Home අද ලිපියට මාස 2 යි : ආචාර්ය රංවලගේ “ආචාර්ය” සහතික තවමත් නෑ !

ලිපියට මාස 2 යි : ආචාර්ය රංවලගේ “ආචාර්ය” සහතික තවමත් නෑ !

156
0

ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක රංවල ගේ ප්‍රශ්නගත “ආචාර්ය උපාධි” සුදුසුකම මෙතෙක් ප්‍රකාශ නොකිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රශ්න කෙරෙමින් තිබේ.

එහිදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විමසා සිටින්නේ මීට නිශ්චිතවම මාස 2කට පෙර මන්ත‍්‍රීවරයා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වෙන අවස්ථාවේ ඉදිරිපත් කළ ලිපිය මගින් අදාළ අධ්‍යාපන සුදුසුකම තමන් විසින් ප්‍රසිද්ධ කරන බවට ඔහු සහතික වූ බවයි.

No description available.

ඒ අනුව, “මා හට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාල අධ්‍යාපන ලියවිලි ඉදිරිපත්කිරීමට හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත්කිරීමට අදහස් කරමි.” යනුවෙන් මන්ත‍්‍රීවරයා නිකුත්කළ ලිපියේ සඳහන් වේ.

2024 දෙසැම්බර් 13 වනදා නිකුත්කළ අදාළ ලිපියට මාස 2ක් ගතවූවත් ආචාර්ය අශෝක සපුමල් රන්වල මෙතෙක් ඒ සම්බන්ධව ගුප්ත නිහැඬියාවක සිටින බවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසයි.

Previous articleරටම අඳුරේ තිබ්බේ ඉංජිනේරු වඳුරෝ – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය
Next articleවැඩි මිලට වී ගන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් දැඩි අවවාදයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here