Home අද විශේෂ රැස්වීමක් වෙනුවෙන් පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

විශේෂ රැස්වීමක් වෙනුවෙන් පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

54
0

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට(14) කැඳවීමට තීරණය කර තිබේ. ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහායි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් හෙට පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි.

පාළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව සභානායකවරයා විසින් මෙහිදී පෙන්වා දී තිබෙන අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව අග්‍රාමත්‍යවරිය විසින් කථානායකවරයාගෙන් කර ඇති ඉල්ලීමක් මත හෙට පාර්ලිමේන්තු විශේෂ රැස්වීම කැඳවා තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ලබන 17 වැනි සදුදා පස්වරු 2 සිට පස්වරු 7 දක්වා පැවැත්විමටත් සැලසුම් කර තිබෙන අතර විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙන එනු ලබන සංශෝධන එදින පෙරවරු 10ට පෙර ලබාදෙන ලෙසද දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමද පෙර තීරණය කළ පරිදිම 17 වැනි සඳුදා පෙරවරු 10.30 ට සිදුකිරීමට නියමිතයි.

Previous articleරිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට !
Next articleරජයේ වී ගබඩා තවමත් හිස් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here