Home අද සියලු දෙනා ඉල්ලා අස්වන්න – ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි.!

සියලු දෙනා ඉල්ලා අස්වන්න – ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි.!

68
0

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට පරිසර අමාත්‍යවරිය වන මරියා සුසානා ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු ඇති වූ තත්ත්වය මත ජනාධිපතිවරයා නව කැබිනට් සංශෝධනයක් සඳහා මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි.

ඇය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ජනාධිපතිවරයා සිදු කළ නව පත්කිරීමකට විරෝධය පළ කරමිනි.

කෙසේ වෙතත්, ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සදහන් කළේ, වඩාත් යහපත් තත්ත්වයක් ඇති කිරීම සදහා මෙම සංශෝධනය සිදු කරන බවයි.

Previous articleහිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!
Next articleහිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here