වී කිලෝවක් සඳහා රජය විසින් නියම කර තිබෙන සහතික මිල ඉහළ දමන ලෙස ඇතැම් ගොවීන් ඉල්ලීම් කළ ද එය සිදුකල නොහැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
ඉතිහාසයේ වී සඳහා වැඩිම සහතික මිල සිය රජය මඟින් ලබාදී ඇති බවද ඔහු සඳහන් කරයි.
කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළ අතර, පවතින මිලට වඩා ඉදිරියේදී සහල් දීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය .