පෙබරවාරි මාසයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව වාර්තා වේ.
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ මුදල් අමාත්‍යංශයට යොමු කළ බවත් එම යෝජනාවලිය සඳහා මේ දක්වා මුදල් අමාත්‍යාංශයේ පිළිතුරු ලැබී නොමැති බවත් එහි උසස් නිලධාරියෙක් පැවසීය.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල අඩුවීම පිළිබඳ අවධානය යොමු කරමින් ලිට්‍රෝ ගෑස් මිල ද අඩු කිරීමට යෝජනා කර තිබූ බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.
ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ ගෑස් මිල සංශෝධනය කළ යුතු අතර බොහෝ මාසවලදී ගෑස් මිල සංශෝධනය නොවන තත්වයක්ද පවතී.