ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා එහි වසර විස්සකට ආසන්න ධුර කාලය තුළදී දළදා මාලිගාවට අයත් රන් බුද්ධ ප්‍රතිමා 28 ක් අතුරුදහන් කිරීම ඇතුළු දූෂණ ගණනාවක් සිදුකර ඇති බව කියමින් ඔහුට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු විසින් අද (08 )අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ශෂික දිසානායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලට අනුව දළදා මාලිගාව සතු රත්තරන් බුද්ධ ප්‍රතිමා 28 ක් අතුරුදහන් කිරීම. නිලංග දෑලබණ්ඩාර මහතා සබරගමුව සමන් දේවාලයේ දියවඩන නිලමේ තනතුර හෙබ වූූ කාලයේ තුල රත්තරන් කිලෝ 38 ක් අතුරුදහන් කිරීම.දළදා මාලිගාව සතු ප්‍රවේණි ඉඩම් දේපොළ වෙළඳාම් සමාගමක් හරහා වෙන්දේසි කිරීම.ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කර තිබේ.
මෙම චෝදනාවලට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයකු විසින් රචිති “කපටි උපාසකයා ” නැමැති කෘතියේ දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේ ධූරය දරන කාලසීමාව තුළ සිදුවූ දූෂණගණනාවක් හෙළිකර තිබෙන බව ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ශෂික දිසානායක මහතා මාධ්‍යයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
තම පැමිණිල්ලේ සඳහන් කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් සිදුකර දූෂණවලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව පියවර ගනු ඇතැයි විශ්වාස කරන බව දිසානායක මහතා මාධ්‍යයට කරුණු දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේය.