අරගලය පැවති සමයේ ගිනි තැබූ නිවාසවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්දි ලබාගෙන ඇති ආකාරය පිළිබඳව යළි විමර්ශනයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.
ඇතැම් මන්ත්‍රීවරු රක්ෂණය සහ වන්දි යන දෙකම ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත්
මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා රටට සියලු තොරතුරු හෙළි කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඇතැම් මන්ත්‍රීවරු රුපියල් ලක්ෂ 900 ඉක්මවා වන්දි ලබාගෙන ඇති අතර එතරම් විශාල මුදලක් ලබා ගැනීම ප්‍රශ්න සහගත බව පෙන්වා දෙන ඇමතිවරයා මේ සම්බන්ධව කරන විමර්ශනයෙන් පසු සියලු තොරතුරු රටට හෙළි කළ හැකි බව සඳහන් කළේය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට 08 දා එක්වෙමින් මේ බව පැවසූ ඇමතිවරයා වන්දි තක්සේරු කිරීමේ දී ඇතැම් මන්ත්‍රීවරු එම කටයුතුවල නෙළී සිටි නිලධාරීන්ට බලපෑම් කර තම වන්දි මුදල් වැඩි කර ගැනීමට කටයුතු කර ඇති බවට කථිකාවක් රට තුළ නිර්මාණය වී තිබූ බව සිහිපත් කළේය.
මේ අනුව රක්ෂණය හා වන්දි මුදල් යන දෙකම එකවර ලබා ගැනීම පිළිබඳව ප්‍රශ්න රැසක් මතුව ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර සියලු තොරතුරු අනාවරණය කර ගන්නා බව ඇමතිවරයා වැඩිදුරටත් කීය.