Home අද දූෂණ කරන්නේ නෑ කියලා මේසෙට ගහලා පොරොන්දු වෙලා ඇවිත් ප්‍රතික්ෂේප වෙච්ච ධම්මික...

දූෂණ කරන්නේ නෑ කියලා මේසෙට ගහලා පොරොන්දු වෙලා ඇවිත් ප්‍රතික්ෂේප වෙච්ච ධම්මික පෙරේරාගේ සමාගමට ටෙන්ඩරේ දීලා

115
0

මේසයට ගසා පපුවට තට්ටු කර ටෙන්ඩර් මගඩි ඇතුළු දූෂණ නොකරන බවට සපථ වූ ජාතික ජන බලවේගය ආණ්ඩුව මන්නාරම මෙගාවෝට් 50 ක සුළං විදුලි බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී මුල්ම අවස්ථාවේ ප්‍රතික්ෂේප වූ ධම්මික පෙරේරාගේ සමාගමකට එම ටෙන්ඩරය ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (05 )පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ධම්මික පෙරේරාගේ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දී ඇත්තේ ටෙන්ඩර් පටිපාටිය මුළුමනින්ම උල්ලංඝනය කරමින් බවට චෝදනා කරන රහුමාන් මහතා ජාතික ජන බලවේගය රටට පොරොන්දු වූ පිරිසිදු පාලනය යටතේ මෙවැනි ටෙන්ඩර් මගඩි සිදුකරන පෙන්වා දුන්නේය.

මෙම දූෂිත ක්‍රියාවට අදාළ සියලු ලියකියවිලි සභාගත කරන බව මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

“මන්නාරම මෙගාවොට් 50 සුළං විදුලි බලාගාරයකට මිල ගණන් කැදෙව්වා. එම මිල ගණන් කැඳවන්නේ 3/14/2024. ඒ අනුව එයට ආයතන පහක් ඉල්ලුම් කලා.

ඊළඟට 5/09/2024මෙම ටෙන්ඩර් එක විවෘත කරනවා කරනවා කරනවා. මේ ටෙන්ඩර් එක විවෘත කළාම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලිපියක් යවනවා.ඒ ලිපියෙන් කියන්නේ මේ ටෙන්ඩර් එකට ඉල්ලුම් කරපු දෙන්නෙක්ව
රිජට් වන බවයි.ඒ අනුව මේ ටෙන්ඩරය වීෆෝස් කියන ආයතනයට ලැබෙනවා.

එතකොට ඒකට හම්බ වුනාම මෙතනදී රිජෙක්ට් (ප්‍රතික්ෂේප) වෙනවා එක ආයතනයක් ඒ ආයතනය රිජෙට් වෙන්නේ බ්ග්බොන්ඩ් එකේදී එහිදී ප්‍රධාන වෙනස්කමක් කරලා බ්ග්බොන්ඩ් එක ඉදිරිපත් කරනවා ඒ උඩ තමයි ඒ රිජෙක්ශන් එක එන්නේ.කාගේද.? ඒ ආයතනය ධම්මික පෙරේරාගේ ආයතනය.

මේ රටේ නීතියේ ආධිපත්‍යය හදනවා කියා ජනාධිපතිතුමා කිව්වා එතකොට ධම්මික පෙරේරට නීතියේ ආධිපත්‍යය නැද්ද ? කවුද ධම්මික පෙරේරා කියන්නේ
පොහොට්ටු ආණ්ඩුවේ බැසිල්ලා එක්ක ඩීල් දාලා ජාතික ලැයිස්තුවෙන් පත් කළා ඔයගොල්ලත් එදා ධම්මික පෙරේරට චෝදනා කළා නමුත් අද ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරලා ධම්මික පෙරේරට ටෙන්ඩරය ලබා දී තිබෙනවා

Previous articleසිංහ – කැන්ගරු දෙවන ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Next articleලුණු මිල 200%කටත් වඩා ඉහළට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here