Home අද නාඩු 120යි, සම්බා 125 යි, කීරි සම්බා 132 යි

නාඩු 120යි, සම්බා 125 යි, කීරි සම්බා 132 යි

121
0

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ටත් සම්බා වී කිලෝවක්, 125ටත් කිරි සම්බා කිලෝවක් 132 ටත් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නා බව කෘෂිකර්ම ඇමති කේ.ඩී ලාල් කාන්ත මහතා අද (05) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම මිල ගණන් යටතේ වී මිලදී ගැනීම හෙට සිට වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කරන බව ඒ මහතා සඳහන් කළේය.

නිසි වෙලාවට වී මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමෙන් රජය අපේක්ෂා කරන්නේ ගොවි ජනතාව ආරක්ෂා කරමින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට සහල් ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට බව ලාල්කාන්ත ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය.

කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා,

“අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නවා රුපියල් 120ට.”

“සම්බා වී කිලෝ එකක් මිලදී ගන්නවා 125කට.”

“කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නවා.”

සහල් මිල ගැනත් හිතලා… ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත්තේ.”

Previous articleපළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකට ලැබිලා නෑ – ඇමති නලින්ද කිව්වේ බොරුවක් ද?
Next articleලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙතින් ආණ්ඩුවට බරපතළ විරෝධයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here