Home අද ආණ්ඩුව රිලා සංගණනයක

ආණ්ඩුව රිලා සංගණනයක

123
0

ආණ්ඩුව රටපුරා රිලා සංගණනයක් සිදු කිරීමට තීරණය කර ඇත.

රිලවුන්ගෙන් වගාවලට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා අදාළ පියවර ගැනීමට මෙම රිලා සංගණනය සිදු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසීය.

මෙම රිලා සංගණනය නිශ්චිත වෙලාවක රටේම සිදු කළ යුතු බවත් ඒ සඳහා පෙබරවාරි 15 හෝ 22 යන දිනයක යොදා ගැනීමට නියමිත බවත් සුනිල්මල් ජයකොඩි මහතා අනාවරණය කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් මෙම සංගණනය සිදුකිරීම සඳහා එක්වන බව සභාපතිවරයා සඳහන් කළේය.

රිලවුන්ගෙන් වගාවන්ට මෙන්ම නිවෙස් වලට සිදුවන හානි සම්බන්ධව පහුගිය කාලයේ දිගින් දිගටම පැමිණිලි ලැබී තිබූ අතර ඉදිරි පියවර සඳහා ඔවුන් පිළිබඳව නිශ්චිත සංගණයක ඇති වැදගත්කම ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Previous articleඋතුරු නැගෙනහිර පළාත් ජාතික නිදහස් දිනය ශෝක දිනයක් කරයි – පළාත් දෙකේම විරෝධතා
Next articleනිසි පරික්ෂාවකින් තොරව මුදාහළ බහලුම් 323 ගැන CID ය රේගු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගනියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here