Home අද ඇමෙරිකාවෙන් පැනමාවට අනතුරු ඇඟවීමක් !

ඇමෙරිකාවෙන් පැනමාවට අනතුරු ඇඟවීමක් !

9
0

පැනමා ඇළ කෙරෙහි චීනයේ බලපෑම සහ පාලනය පිළිබඳව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැනමාවට අවවාද කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ ඔහුගේ පැනමා සංචාරය අතරතුරදී වන අතර එම සංචාරයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැනමා ජනාධිපති ජෝස් රාවුල් මුලිනෝ හමුවේදී මෙම අදහස් දක්වා තිබේ. චීනයේ මැදිහත්වීම පිළිගත නොහැකි බවත් වෙනස්කම් සිදු නොකළහොත් එක්සත් ජනපදය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද මාර්කෝ රුබියෝ පැනමා ජනාධිපතිවරයා වෙත පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පැනමාවේ ජනාධිපති ජෝස් රාවුල් මුලිනෝ සහ විදේශ අමාත්‍ය ජේවියර් මාටිනෙස් සමඟ ඉරිදා පැනමා නගරයේ පැවති සාකච්ඡාවකදී පැනමා ඇළ සම්බන්ධයෙන් චීනය සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් රුබියෝ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.

වත්මන් තත්ත්වය පිළිගත නොහැකි බවත්, පැනමාවේ ස්ථිර මධ්‍යස්ථභාවය සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්, ක්ෂණික වෙනස්කම් නොමැති විට, ගිවිසුම යටතේ සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීම එක්සත් ජනපදයට අවශ්‍ය වනු ඇති බවත් රාජ්‍ය ලේකම්වරයා පැනමාවට අනතුරු අගවා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “පැනමා ඇළ ප්‍රදේශය මත චීන කොමියුනිස්ට් පක්ෂයේ වත්මන් බලපෑම සහ පාලනය තර්ජනයක් බවට මූලික තීරණයක් ගෙන ඇත” යනුවෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ටැමී බෘස් පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous articleව්‍යාපාරික ලොවේ දැවැත්තයකු වූ කෙන් බාලෙන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි !
Next articleලංකා ඉතිහාසයේ ලෝක බැංකුවෙන් දෙන විශාලතම ණය මුදල අපි ගන්නවා : ජනපති අනුර ගැම්මෙන් කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here