Home අද සුදත්ත තිලකසිරි ට පොලිස් ආරක්ෂාව දීලා?

සුදත්ත තිලකසිරි ට පොලිස් ආරක්ෂාව දීලා?

611
0

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි නැමැත්තාට පුනරුදය ආණ්ඩුව විසින් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කිරීමක් සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් දැක්වෙමින් තිබෙයි.

සුදත්ත තිලකසිරි නැමැත්තා මාධ්‍යවේදියෙක් ලෙස දක්වමින් ඔහුට පොලිස් සැරයන්වරයකු ගේ ආරක්ෂාව ලබාදීමට අදාළ නියෝගය ඇතුළත් ලියවිල්ලක් ද ඒ සමඟ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

සුදත්ත තිලකසිරි youtube චැනලයක් පවත්වාගෙන යමින් පසුගිය සමයේ පුනරුදය ආණ්ඩුවේ විරුද්ධ පාක්ෂිකයන් වෙත අශෝභන වචනයෙන් බැන වැදීම සම්බන්ධව කුප්‍රකට අතර, එම කටයුත්තේ නිරතවීම හැර ඔහුට තිබූ ආරක්ෂක තර්ජනය කුමක්දැයි ද සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කෙරෙමින් තිබේ.

එසේම හිටපු රාජ්‍ය නායකයන්ට ආරක්ෂාව ලබාදීම ජනතා බදු මුදල් කාබාසිනියා කිරීමක් ලෙස විවේචනය කරමින් ඔවුන් සම්බන්ධව ජනතාව තුළ වෛරී අදහස් ජනිත කරමින් සිටින ආණ්ඩුව සුදත්ත තිලකසිරි ට පොලිස් ආරක්ෂාව ලබාදීමට පදනම් වූ හේතුවද ප්‍රශ්න කෙරෙමින් තිබේ.

ජනාධිපති අනුර දිසානායක ගේ නිල ෆේස්බුක් පිටුව පවා සඳහන් කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙකී ප්‍රශ්න කිරීම සිදුකළත් වගකිවයුතු කිසිඳු පාර්ශ්වයක් තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැත.

කෙසේ වුවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට තමන්ට ජීව්ත තර්ජන ඇති බවට සුදත්ත තිලකසිරි සිදුකළ පැමිණිල්ලක් මත පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවක් දැනගන්නට තිබේ.

මේ අතර දිගින් දිගටම සමාජ මාධ්‍ය මාර්ගෝපදේශ බරපතළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් සුදත්ත තිලකසිරි ගේ youtube චැනලය වාරණය කර තිබූ බවද වාර්තා වෙයි.

සුදත්ත තිලකසිරි නැමැත්තා මීට පෙර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් කැපවී කටයුතු කළේය. පසුව ගෝල්ෆේස් අරගලය සමයේ එම කටයුතු වලින් ඉවත් විය.

Previous articleපන්නපු බහාලුම් මගේ නොවේ : බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කියයි : රජය නිහඬයි !
Next articleමාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here