අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නිල්වලා ගගේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගීව ඇත.
ඒ නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත්, නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් මේ නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී තිබේ.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පසුගියදා ගත් තීරණයකට අනුව මෙම සංචාරය සිදු කර ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට, ගංවතුර ගැටළුවට තාක්ෂණික කමිටුව හරහා ඉක්මන් විසදුම් සෙවීම,නිල්වලා ගඟ භාණ්ඩ මගී ප්‍රවාහනයට යොදා ගැනීම, නිල්වලා ගඟ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීම හා නිල්වලා ගඟ අකුරැස්ස හරහා සිංහරාජය දක්වා සංචාරක ගමනාන්තය සකස් කිරීම, නිල්වලා ගඟ ඉවුරු ඛාදනය වැලක්වීමට පියවර ගැනීම, ගඟෙහි ඇති කුණු හා අපද්‍රව්‍ය ඉක්මනින් ඉවත් කිරීම යන කරුණු පිළිබඳව මෙම සංචාරයේ දී අවධානය යොමුව ඇත.