Home අද අමාත්‍යංශ අධීක්ෂණ කමිටු : බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළන නාඩගමක් !

අමාත්‍යංශ අධීක්ෂණ කමිටු : බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළන නාඩගමක් !

45
0

සෑම අමාත්‍යාංශයක් සඳහාම අධීක්ෂණ කමිටුවක් පත්කිරීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවේ සූදානම මෙරටට නොගැලපෙන බවත් ඒ හරහා මෙරට ක්‍රියාත්මක බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අවධානමේ හෙළීමේ පැහැදිලි ඉඩක් ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

අමාත්‍යංශ සඳහා එක් විෂයකට අදාළව උපදේශකයන් පත්කිරීමේ පැවති සීමාද වත්මන් ආණ්ඩුව සංශෝධනය කර ඇති බව පෙන්වාදෙන ඔවුන් එබැවින් තවදුරටත් අමාත්‍යංශ අධීක්ෂණයට යැයි පවසමින් කමිටු පත්කිරීමේ අවශ්‍යතාව සැකසහිත බවද පවසයි.

දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවට පරිභාහිර යාන්ත්‍රණ හරහා අමාත්‍යංශ අධීක්ෂණය කිරීම සහ මෙහෙයවීමට යටත් කිරීමේදී ඒ හරහා ජනතාවට වගවීමක් සිදුනොවන බවයි.

ආණ්ඩුව ජාතික ජනබලවේගය පක්ෂය යටතේ පිහිටුවා ඇති නමුත් මෙවැනි කමිටු පිහිටුවීම සම්බන්ධව අදහස් දක්වමින් සිටින්නේ, ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් බවත් ඒ හරහා ආණ්ඩුවද ජවිපෙට යටත් කිරීමේ ස්වභාවයක් පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි.

අමාත්‍යංශ අධීක්ෂණය කිරීමට සහ උපදේශ සැපයීමට අවශ්‍ය නම් ඒ සඳහා උපදෙස් ගැනීමට අමාත්‍යවරුන්ට කිසිඳු බාධාවන් නොමැති බවද විචාරක මතය වී තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පවසා සිටියේ, ජවිපෙ ප්‍රධාන ලේකම් චීනයේ හෝ වියට්නාම් මාදිලියේ අධීක්ෂණ කමිටු ආදර්ශයට ගෙන මෙකී සූදානම ගැන අදහස් දක්වා තිබුණද, එම රටවල් බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන අතර එම රටවල් ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති තනි පක්ෂ රටවල් ලෙස බවයි.

එබැවින් කවර තත්ත්වයක් යටතේ වුවත් තනි පක්ෂ දේශපාලන ක්‍රමයක් මෙරටට අනවශ්‍ය බවද විචාරක මතය වී තිබේ.

මෙරට පාර්ලිමේන්තුව සතු අධීක්ෂණ සහ උපදේශන කාරක සභා සක්‍රීය කර ඒවායේ වැඩි අවස්ථා ප්‍රමාණයක් විපක්ෂය වෙත ලබාදීම හරහා වත්මන් ආණ්ඩුවේ බොහෝ දුර්වලතා අඩුකර ගනිමින් කඩිනම් ආර්ථික ස්ථාවරත්වයක් වෙත ගෙනයා හැකි බවද දේශපාලන විචාරකයන් පවසයි.

රටේ සැබෑ අර්බුදය වන්නේ මෙරට ඌන සංවර්ධනය සහ අයවැය තුලනය මෙන්ම ණය තිරසරභාවය රැකගැනීම බැවින් පටු බල දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමට නාඩගම් නැටීමට නොගොස් මූලික ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය බවද විචාරක මතය වී තිබේ.

Previous articleඅපරාදේ හයිවේ එක දිගේ බෙලිඅත්තටම ආවේ. මාධ්‍ය සංදර්ශන දාලා රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා – නාමල් රාජපක්ෂ
Next articleනාමල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here