හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වෙමින් ඇත.
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් තිබේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට යෝෂිත රාජපක්ෂ ව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
ඒ රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්රමාණත් කරුණු ඇති බව නීතිපතිවරයා විසින් පසුගිය 23වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකට අනුව ය.
මේ වනවිට නඩුකරයක් පවතින මෙම ඉඩමේ ප්රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මිත්තණියක්වන ඩේසි ෆොරස්ට් නැමැතියයි.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂගෙන් ප්රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඔහුව අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත