තල්මසකුගේ රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා අම්බර (වමනය) කිලෝ ග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවකු යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය ගුරුනර් ප්‍රදේශයේ පදිංචි පනස් අට හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තල්මසාගේ අම්බර තොගයය මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ලක්ෂ පනහකට අලෙවි කිරීම සඳහා ඔහුගේ නිවසේ සඟවා තිබියදී පොලිසියට ලද තොරතුරක් මත එම අම්බර් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු දිගු කලක සිට අම්බර් ලබාගෙන ව්‍යාපාරිකයන්ට මුදලට අලෙවි කිරීමේ කටයුතුවල නිරතව සිටින අයෙක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ