Home අද ආනයනික පොල් තෙල් බදු නොගෙවීමෙන් රජයට බිලියන පහක පාඩුවක් – පොල්තෙල් නිෂ්පාදකයින්ගේ...

ආනයනික පොල් තෙල් බදු නොගෙවීමෙන් රජයට බිලියන පහක පාඩුවක් – පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය!

10
0

රටේ ප්‍රධාන පෙළේ පොල්තෙල් ආනයනකරුවන් හතර දෙනෙක් 2024 වසරේ පොල්තෙල් ආනයනය කර බදු     නොගෙවීමෙන් රජයට රුපියල් බිලියන පහක මුදලක් අහිමිකර ඇතිි බවත් ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් දේශීය පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

ප්‍රධාන පෙළේ විදේශීය පොල්තෙල් ආනයනකරුවන් හතර දෙනා වැට් සහ ආරක්ෂණ බදු නොගෙවා මෙලෙස කාලයක සිට පොල්තෙල් ආනයනය කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

පිරිසිදු නොකළ පොල්තෙල් කිලෝ මිලියන 40 කට අධික ප්‍රමාණයක් මෙලෙස ආනයනය කර ඇති අතර පිරිසිදු නොකළකළ තෙල් සදහා කිලෝ එකකට රුපියල් 125ක බද්දක් සහ පිරිපාදු නොකළ පොල්තෙල් කිලෝ එකකට රුපියල් 150ක බද්දක් අය කරන බව එම සංගමය පවසයි.

මේ ආකාරයට ඔවුන් ආනයනය කරනු ලබන පොල්තෙල් පිරිපාදු කළ ඒවා බව හඟවමින් වෙළඳපොළට නිකුත් කරන බවද පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

රුපියල් බිලියන පහකට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් පොල්තෙල් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බව අප කළ විමසුමකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

Previous articleකැකුළු සහල් හිඟයට ගැලරි චූන් දෙන්න ගිය වසන්ත : රෝහිණීගෙන් හොඳවායින් අහගනියි !
Next articleවිපක්ෂයේ ඉන්න කොට අපිත් එක්ක ඉල්ලපු 20,000ක වැටුප් වැඩිවීම දැන් දෙන්න – වෘත්තීය සමිති නායකයෝ ආණ්ඩුවට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here