ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබේ.
එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට එරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ විය.
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රදර්ශන ශාලාව නැරඹීමට මෙන්ම මා ඕ සේතුං ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද අද එක් වුණා.
එසේම, ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍ය ලී චියැන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති චාඕ ලෙජි ඇතුලු රාජතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු හමුවීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.