Home අද ඇමති බංගලා කුලියට ගැනීමට පෞද්ගලික අංශයේ දැඩි ඉල්ලුමක්

ඇමති බංගලා කුලියට ගැනීමට පෞද්ගලික අංශයේ දැඩි ඉල්ලුමක්

41
0

පැවති ආණ්ඩු සමයේ ඇමතිවරුන් වෙනුවෙන් වෙන් කර ඔවුන් පරිහරණය කරන ලද මෙම බංගලා කුලී පදනම මත ලබා දෙන ලෙස පෞද්ගලික අංශයේ ආයතන වලින් මේ වනවිට ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු එම බංගලා පරිහරණය නොකරන බවට තීන්දු කිරීමත් සමඟ එම බංගලා මේ වන විට වසා දමා ඇත.

රජයේ ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති බංගලා මෙන්ම ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු ජනාධිපති මන්දිර නමයක් තිබෙන අතර ඒවා කුමන කටයුතු සඳහා යොදා ගන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක්ද පත්කරකර ඇත.

කමිටුවේ නිර්දේශ ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිත බවත් එය ලැබුණු වහා ඒ සම්බන්ධව අවසන් තීරණයකට එළඹෙන බවත් ඉහත නිලධාරියා සඳහන් කළේය.

ඇමති බංගලා සහ ජනාධිපති මන්දිර පෞද්ගලික අංශයට කුලී පදනම මත ලබාදීමට ආණ්ඩුව අදහස් කර තිබුණද මෙතෙක් ඒ සම්බන්ධව අවසන් නිගමනයකට පැමිණ නැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.

Previous articleඅල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට බාල්දියක් !
Next articleදකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here