ඉන්ධන සඳහා මෙතෙක් පැවති බදු සංශෝධනය නොකර එලෙසින්ම පවත්වා ගැනීම නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව 2024 ජනවාරි මස 01 වැනිදා සිට පෙට්‍රල් ලීටරයකට රුපියල් 72ක්, සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක් ලෙස පනවන ලද බද්ද තවදුරටත් වෙනසකින් තොරව පවත්වාගෙන යන බව ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
කෙසේ වුවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම ජාතික ජනබලවේගය පක්ෂය බලය ගැනීමට පෙර විපක්ෂයේ සිටියදී සඵත කර සිටියේ, ජනතාව පීඩාවට පත්වන ආකාරයට ඉන්ධන මත පනවා ඇති බදු තම පාලනයක් යටතේ දී සංශෝධනය කර සහන ලබාදීමට කටයුතු කරන බවයි.