Home අද රාජ්‍ය සේවක වැටුප රු. 25,000කින් වැඩි වෙන බව අපි කිව්වේ නෑ –...

රාජ්‍ය සේවක වැටුප රු. 25,000කින් වැඩි වෙන බව අපි කිව්වේ නෑ – නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ

838
0

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් සැලකිය යුතු ලෙස වැඩිකිරීමක් සිදු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

ඒ සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවේ දී අද අසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

“රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීන්දුවක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒක රාජ්‍ය සේවකයින් මුලා කරන්න ඉදිරිපත් කරපු දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙමෙයි.”

Previous articleඊශ්‍රායල් යන්න විනාඩි 10ට 2.5km ක් දුවන්න ගොස් රෝහලට
Next articleකෝප් කමිටු සභාපති ධුරය පා.ම. වෛද්‍ය නිශාන්ත සමරවීරට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here