Home අද වැඩ බලන පොලිස්පති කල් දෙයි – බස් වර්ජනය නවතී

වැඩ බලන පොලිස්පති කල් දෙයි – බස් වර්ජනය නවතී

440
0

අද (08)සවස සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පුද්ගලික බස්රථ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පුද්ගලික බස් රථ වෘත්තීය සංගම් තීරණය කර ඇත.

බස් රථ හිමියන්ගේ වෘත්තීය සංගම් සහ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර අද දහවල් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සඳහා මෙම මස 20 වැනිදා තෙක් ලබා දී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට පොලිස්පතිවරයා එකඟ වී තිබෙන අතර ඒ අනුව බස් වර්ජනය අත්හිටුවීමට බස් හිමියන්ගේ සංගම් එකඟ වී ඇත

අද විසඳුමක් නැති වුනොත් පෞද්ගලික බස් වර්ජනයකට සැරසෙයි

Previous articleසිලින්ඩරයෙන් නැවතත් තරඟ කරන්නේ නෑ – රෝහිත අබේගුණවර්ධන
Next articleප්‍රශ්න පත්‍ර පිටකළ ගුරුවරයාගේ වැඩ තහනම්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here