රටේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් නඩු වල ප්රගතිය සහ ඒවා කඩිනම් කිරීමට ඇති බාධක සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.
පසුගිය සමයේ හදිසියේ නඩු ඉවත් කර ගැනීම් නඩු පැවරීමේදී ප්රමාදයන්. මෙන්ම ඒ සම්බන්ධව සමාජය තුළ මෙන්ම මැතිවරණ වේදිකාවල දැඩි කතාබහට ලක් විය.
ආන්දෝලනයකට තුඩු දී තිබූ නඩු කටයුතු කඩිනමින් නිම කිරීම සඳහා ගත යුතු පියවර හා ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යම් බාධා ඇතිවී තිබේද යන්න පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරමින් මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇත.
මේ අතර අපරාධ නඩු පවත්වාගෙන යාමේදී සිදුවන අපහසුතා පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරනු ඇති බව නීති දෙපාර්තමේන්තුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.