Home අද ඉන්ධන වලින් කොමිස් ගන්නවා කියලා කවුද කිව්වේ ? – අපි එහෙම කිව්වේ...

ඉන්ධන වලින් කොමිස් ගන්නවා කියලා කවුද කිව්වේ ? – අපි එහෙම කිව්වේ නෑ – වසන්ත සමරසිංහ

2003
0

ඉන්ධන ලීටරයකින් රුපියල් 162 කොමිස් මුදලක් හිටපු අමාත්‍යවරයෙකුගේ සාක්කුවට යන බවක් ජනාධිපතිවරයා හෝ තම ආණ්ඩුවේ කිසිවෙකු පෙර කියා නැතැයි වෙළඳ, වාණිජ, ආහාර, සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

මාධ්‍යවේදියකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා එකල සඳහන් කළේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 102 බද්දක් ඇති බවත් ඉන් රුපියල් 50ක් මහා භාණ්ඩාගාරයට ණයක් ලෙස කපා ගන්නා බවත් පමණක් යයි අමාත්‍යවරයා කියා සිටියා.

තෙල් ලිටරයක මිල නියම වන්නේ එම ණය මුදලත් එකතු කිරීමෙන් බව ඇමතිවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල සංශෝධනය වන්නේ ඉන්ධන මිල සූත්‍රය අනුව බවද පැවසූ ඔහු අවසන් මිල සංශෝධනය වූයේද ඒ ආකාරයෙන්ම යයි පැවසීය.

කෙසේ හෝ ඉදිරි අයවැයෙන් ජනතාවට බොහෝ සහන ලැබෙනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

Previous articleඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 70 ක් මරුට
Next articleපයින් ගමන් කළ 5කට වැලිගමදී වෙඩි – එක් අයෙක් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here