Home අද කෙහෙළිය පවුලේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ තහනම අප්‍රේල් දක්වා දීර්ඝ...

කෙහෙළිය පවුලේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ තහනම අප්‍රේල් දක්වා දීර්ඝ කෙරේ

32
0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද(03) නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව එම කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණියන් ඇතුළු ඥාතීන්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.

එම නියෝගය අදින් අවසන් වීමට නියමිතව තිබූ අතර, අල්ලස් කොමිසම විසින් එය තවදුරටත් දීර්ඝ කරන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය අදාළ නියෝගය අප්‍රේල් මස 02 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කරන ලදි.

Previous article‘ජීන් ඇන්ටිට’ මැර ප්‍රහාරයක්
Next articleචීනයේ අලුත්ම වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරෙයි – රෝහල් ආසාදිතයින්ගෙන් පිරෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here