කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ නව වෛරසයක් පැතිර යමින් පවතින බව වාර්තා වෙනවා
උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන එම වෛරසය හදුන්වා දී ඇත්තේ Human metapneumovirus හෙවත් (HMPV) ලෙසයි.
මෙම වෛරසය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වන අතර, රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවත් වාර්තා වනවා.
HMPV වෛරසය උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන බව පැවසෙන අතර එය Covid-19 ට සමාන රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරෙන බව වාර්තා වනවා.
චීනයේ සෞඛ්‍ය නිලධාරීන් මෙම තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කරන බව ද සදහන්.