සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක් වන ‘ජීන් ඇන්ටිට’ මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වේ.
නාඳුනන පුද්ගලයින් දෙදෙනකු ඊයේ(02) දිනයේදී තම නිවසට පැන සැමියාට හා තමන්ට අමානුෂික අයුරින් පහර දුන් බව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජීන් ඇන්ටි ප්‍රකාශ කර කරයි.
මෙම පහරදීමෙන් ජීන් ඇන්ටිට සහ ඇයගේ සැමියාට තුවාල සිදුවීම හේතුවෙන් ඔවුන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙන අතර එඬේරමුල්ලේ පිහිටි තම නිවසට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි සැක කරන දෙදෙනකු විසින් පැමිණ පහර දී පලා ගිය බවයි ඇය සඳහන් කරන්නේ.
පසුගිය සතියේ දී තමන් විසින් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් ගැන සහ එඬේරමුල්ල පොලිසියේ ක්‍රියාකලාපයට එරෙහිව සමාජ මාධ්‍යය තුළ විවේචන එල්ල කිරීමට මීට හේතුව විය හැකි බව ජීන් ඇන්ටි පවසයි.