සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවන සහ අවසන් T20 තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර නවසීලන්තයේ නෙල්සන්හිදී අද (02) පැවති පැවති තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 219ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 211ක් පමණි.
කෙසේ වෙතත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් නවසීලන්තය ජය ගැනීමට සමත් විය.
මෙම ජයත් සමග වසර 18කට පසු නවසීලන්තයේදී නවසීලන්තයට එරෙහිව විස්සයි 20 ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය. අවසන් වරට ඔවුන් නවසීලන්තයේදී විස්සයි 20 තරග ජයක් ලබා සිටියේ 2006 වසරේදීය. එමෙන්ම මෙය නවසීලන්තයේ දී ලැබූ දෙවැනි විස්සයි 20 ජය ලෙසින්ද වාර්තා අතරට එක්විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 218ක් රැස් කළේය.
එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම විස්සයි 20 ශතකය රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින් පන්දු 46කට පමණක් මුහුණදෙමින් ලකුණු 101ක් රැක්කිරීමට සමත් විය. මෙම ඉනිමත් සමග සිය විස්සයි 20 තරග දිවියේ ලකුණු 2000 සීමාව පසුකර යෑමට ද කුසල් ජනිත්ට හැකිවිය.
2013 වසරේදී ජාත්‍යන්තර විස්සයි 20 තරග බිමට අවතීර්ණ වූ කුසල්, මේ වනවිට ඉනිම් 76කට ක්‍රීඩාකර ලකුණු 2026ක් රැස්කරගෙන සිටියි