අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ තවත් ප්‍රධානීන් තිදෙනෙකුගේ ඉදිරි දිනවල ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානීන් තිදෙනෙකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරෙනු ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු කරන සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න කුමාරසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සභානායක කාර්යාලයෙන් ඒවා තිබූ ලිපියක අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය පැහැදිලිව සඳහන්ව තිබූ බව කුමාරසිංහ මහතා ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
එම ලිපිය සභානායක කාර්යාලයට එවා ඇතැයි පැවසෙන්නේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් වන අතර ඒ අනුව එම කාර්යාල දෙකේ ප්‍රධානීන් තිදෙනෙකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරෙනු කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවූ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් එලෙස ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ ඒ අනුවය.