මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පිස්සෙක් නොවී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට කටයුතු කිරීමට දැනගත යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි මාධ්‍ය ලේකම් සුසන්ත ලියනාරච්චි නැමැත්තෙකු මෙසේ මහ බැංකු අධිපතිවරයාට චෝදනා නැගීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .
‘මහ බැංකුව විසින් චක්‍ර ලේඛන නිකුත් කරලා තියෙනවා බැංකුවලට මේ කඩාගෙන වැටිච්ච කර්මාන්ත ටිකට මාස හයකට පොලිය අඩු කරනවා සීයට පනහයි. අවුරුද්දකට පොලිය මෙච්චරයි. මාස 60කට සීයට විස්සයි.
මඤ්ඤ හැදිලනෙ මහ භාණ්ඩාගාර අධිපතිතුමාට. අධිපතිතුමා දැනගන්ඩ ඕනේ පිස්සෙක් නොවී අපි කියන්නේ මේ කඩාගෙන වැටිච්ච කර්මාන්ත දිග නගා සිටුවන්න යම් ක්‍රමවේදයක් සකස් කරන්න කියලා.
මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරා බැංකුවට මේ ආකාරයට තමයි මේක කරන්න ඕනේ කියලා. මොකක්ද එක්කෝ පොලිය සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. නැත්නම් මේ ණය දීර්ඝ කාලීන ණය ක්‍රමවේදයකට ගිහිල්ලා මේක හරි ගස්වල දෙන්න ඕනේ.
අනිත් එක කිව්වා උසාවි ගිහින් තියෙනවනම් ඒවට විරුද්ධව ඇක්ෂන් ගන්න එපා කියලා.
මේක හරි පැහැදිලියි අන්ධයකුට ගොළුවෙකුට බීරෙකුට නෙමෙයිනේ මේක කිව්වේ. මේක කිව්වෙ මහා බැංකුවේ අධිපතිවරයට.
එතකොට මේගොල්ලොත් දැනගන්න ඕනේ මේක මේ පළවෙනිදයින් ඉස්සෙල්ල ක්‍රියාත්මක වෙන්න. ඔබතුමාලට කෝමා හැදුනට අපට කෝම හැදිලා නෑ.
මහ බැංකුව අධිපතිවරයාට ද්විත්ව පුරවැසි භාවයක් තියෙන එක්කෙනෙක්. ආණ්ඩුවද අනිත් පැත්තෙන් නැගලා ඔස්ට්‍රේලියාවට යාවි.
එනිසා අනිත් මිනිස්සු අසරණ වේවි. ඒක නිසා ආණ්ඩුවත් නිතරේම කල්පනා කරන්න ඕන මෙයත් එක්ක යන්න බෑ කියලා”
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මූල්‍ය වෙළඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ වානිජ මණ්ඩලය කියාගෙන පැමිණි පමණින් රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව වගකීම් විරහිතව තීරණ ගැනීමට මහ බැංකුවට නොහැකි බවයි.
එසේම මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවද ඔවුන් සිහිපත් කරයි. එබැවින් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා නොව ජනාධිපතිවරයා පැවසූවද වගකීමක් සහිත නිවැරදි තීරණය මිස කාගේවත් බලපෑමට නැටීමට හැකියාවක් නොමැති බවද ඔවුන් පෙන්වාදෙයි.
මෙහිදී කිසියම් සැඟවුණු න්‍යාය පත්‍රයක් මත මහ බැංකු අධිපති ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන බවක් පෙනීයන බව පවසන ඔවුන් නන්දලාල් වීරසිංහ ද්විත්ව පුරවැසියකු බව සිහිපත්ව තිබෙන්නේ ඔහු වැටිණු රට ගොඩගැනීමට සිදුකළ කාර්යභාරය අමතක කරවීමට වියහැකි බවද සඳහන් කරයි.