Home අද ජිමී කාටර් සමුගනී

ජිමී කාටර් සමුගනී

49
0

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබේ.

මියයන විට ඔහු සියවන වියෙහි (100) පසු වු අතර අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදුකෙරුණි.

වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණි.

1924 ඔක්තෝබර් මස 01වනදා උපත ලැබු ජිමි කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබේ.

Previous articleමුදල් නියෝජ්‍ය ඇමැති කියන ලෙස වැඩ කරනු : මහ බැංකු අධිපතිට නියෝගයක්
Next articleඑළවළු මිල අහස උසට යද්දී සැමන් හිඟයක් ඇවිත් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here