Home අද හානියට පත් වගාවන් වෙනුවෙන් වන්දි!

හානියට පත් වගාවන් වෙනුවෙන් වන්දි!

16
0

අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් වගාවන් වෙනුවෙන් හෙක්ටයාර් එකක් සඳහා රුපියල් ලක්ෂය (100,000) බැගින් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024-12-02 දින වන විට දළ වශයෙන් කුඹුරු අක්කර
91300 ක් පමණ පූර්ණ හානියට ලක්ව ඇති අතර කුඹුරු අක්කර 8625ක් අර්ධ හානියට ලක්ව තිබේ.

මිට අමතරව සුළු වාරි මාර්ග 173 ක් පූර්ණ වශයෙන් විනාශ වී ඇත 1148 කට අර්ධ හානි සිදුව තිබේ.

අයහපත් කාලගුණ තත්වය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා පමණක් අක්කර 750 පමණ විනාශයට පත්ව ඇත.මේ අතර හානියට පත් කුඹුරු වල නැවත වගා කිරීම සඳහා මාස දෙකහමාර , මාස තුන වී ප්‍රභේද හෝ සුදුසු කෙටිකාලීන බෝග වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී සහ බීජ ගොවීන්ට සපයා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර ඇත .

Previous articleරාජ්‍ය සේවක ප්‍රසාද දීමනා : මහින්ද තීන්දුකර දැනුම්දෙයි !
Next articleපළාත් පාලන මැතිවරණය සඳහා අලුතෙන් නාමයෝජනා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here