Home අද සිලින්ඩරය පුපුරයි – නව දේශපාලන සන්ධානයක් ගොඩනැගෙන ලකුණු

සිලින්ඩරය පුපුරයි – නව දේශපාලන සන්ධානයක් ගොඩනැගෙන ලකුණු

187
0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් පසුගිය මැතිවරණ වලට තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පාර්ශ්ව කිහිපයක් ඉන් ඉවත්ව නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ මූලික සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (19) පැවැත්විණි.

මේ වන විට නව සන්ධානය සමග එක්වීමට දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ගණනාවක් එකඟත්වය පළ කර ඇති බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා පැවසීය.

හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවට හිටපු ඇමතිවරු 28 දෙනෙක් සහභාගි වී ඇත.

නව සන්ධානය සියලු පක්ෂ හා කණ්ඩායම් වලට එක් විය හැකි පරිදි ගොඩනැගිය යුතු බවත් එහි ලකුණ පුටුව විය යුතු බවත් ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට පැවැත්වෙන සියලු මැතිවරණ වලට නව සන්ධානය යටතේ පුටුව ලකුණින් තරග කරන බව හිටපු අමාත්‍යය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

නව සන්ධානය මෙරට දේශපාලන ඉතිහාසයේ විශාලතම සන්ධානය බවට පත් කර ගත හැකි බවත් ඒ සඳහා අපේක්ෂා නොකළ ආකාරයට විවිධ පාර්ශ්ව එක්වීමට එකඟත්වය පළ කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleජනාධිපති අරමුදලෙන් මුදල් දුන්නේ නිසි ක්‍රමවේදයකට සුදුසුකම් ඇති අයට පමණයි – හිටපු ජනපති
Next articleසහල් ආනයනයට දුන් අවසරය දීර්ඝ කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here