ඊ.පී ඩී.පී පක්ෂයේ වන්නි දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කුලසිංහම් තිලීපන් මහතා අද ( 20) වවුනියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය පවසයි.
පුද්ගලයෙකුට ඉඩමක් ලබාදෙන බව පවසා ඔහුගෙන් රුපියල් ලක්ෂ පහළොවක් ලබාගෙන එය වංචා කළ බවට තිලීපන් මන්ත්රීවරයාට චෝදනා එල්ල වී තිබේ.
කුලසිංහම් තිලීපන් හිටපු මන්ත්රීවරයා සමඟ ඔහුගේ ලේකම්වරයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තිලීපන් හිටපු මන්ත්රීවරයා ඊ. පී. පී.ඩී පී. පක්ෂයේ වන්නි දිස්ත්රික් නායක ධුරය හෙබවූ අතර ඔහු පසුගියදා එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී තිබිණි.