Home අද සජිත් සියලු අධ්‍යාපන සුදුසුකම් සභාගත කරයි : ආණ්ඩුව නිහඬව අසා සිටියි !

සජිත් සියලු අධ්‍යාපන සුදුසුකම් සභාගත කරයි : ආණ්ඩුව නිහඬව අසා සිටියි !

357
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුගේ සියලු අධ්‍යාපන සුදුසුකම් අද (18 ) පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

එහිදී විශේෂත්වයක් වූයේ පෙරපාසලේ සිට එක්සත් රාජධිනියේ ලැබූ උපාධිය දක්වාද අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ද මෙතෙක් සම්පූර්ණ නොකළ පශ්චාත් උපාධි සම්බන්ධ තොරතුරු ද සභාගත කිරීමය.

එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තමන් මෙසේ ඉදිරිපත් කරන අධ්‍යාපන සහතික වල නිරවද්‍ය භාවය පරීක්ෂා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව ඇති බවත් කිසියම් සාවද්‍ය ලේඛනයක් ඉදිරිපත් කර ඇති බව තහවුරු කළහොත් තමන් විපක්ෂ නායක ධූරයෙන් මෙන්ම දේශපාලනයෙන් ද සමුගන්නා බවයි.

එසේම තමන් දේශපාලනඥයකු ලෙස කිසිදාක, තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පමණක් නොව, නැති නම්බුනාම කිසිවක් නම ඉදිරියේ සඳහන් කරගෙන නොමැති බවත් ඉදිරියට ද එසේ කිරීමේ අදහසක් නොමැති බවත් පැවසීය .

විපක්ෂ නායකවරයා මේ ආකාරයට සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ඊයේ (17) සිදුකළ අභියෝගය පිළිගනිම්නි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ ආකාරයට සිය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමට මුල්වූයේ ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ කතානායක ලෙස පත්කර ගත් අශෝක සපුමල් රන්වල ගේ ආචාර්ය උපාධිය සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කිරීමත් සමඟ ඇරඹි කතිකාවය. එහිදී ජාතික ජනබලවේගය පක්ෂය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු පැමිණි මැතිඇමතිවරු කිහිපදෙනෙකු මැතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවත් සාවද්‍ය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර ආචාර්ය , මහාචාර්ය , ඉංජිනේරු ලෙස පෙනී සිටින බවටද චෝදනා එල්ලවිය.

එම සංවාදය හමුවේ කතානායක ලෙස පත්ව සිටි අශෝක රන්වල ට ඉන් ඉල්ලා අස්වීමට සිදුවිය . ඒ සමඟ ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා ගේ අධ්‍යාපන සුදුසුකම් ද ප්‍රශ්න කෙරුණු දක්නට ලැබිණ.

Previous articlePayE Tax අඩුවෙන හැටි ජනපති අනුර කියයි !
Next articleපෙබරවාරියේ සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට පියවර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here