Home අද අනුර ආපු ගමන් ගෙදර යැව්වේ : මහාචාර්ය පට්ටම් අවභාවිතය වැලැක්වූ UGC හිටපු...

අනුර ආපු ගමන් ගෙදර යැව්වේ : මහාචාර්ය පට්ටම් අවභාවිතය වැලැක්වූ UGC හිටපු සභාපතිව !

75
0

කිසිදු සීමවක් සහ ප්‍රමිතියකින් තොරව මහාචාර්ය තනතුරු අවභාවිතය වැළැක්වීමට පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් කටයුතු කර ඇති බව අනාවරණය වෙයි.

ඒ වත්මන් පාලනය තුළ ආචාර්ය මහාචාර්ය තනතුරු අවභාවිතා කරමින් ජනතාව නොමඟයැවීමක් සිදුවෙමින් ඇති බවට වන සමාජ සංවාදය තුළය.

මේ වන විට අනාවරණය වී ඇති ආකාරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය යන තනතුරු භාවිත කළ හැක්කේ ඔවුන් එම අධ්‍යාපන ආයතනයේ හෝ උසස් අධ්‍යාපන ආයතනයේ සේවය කරන කාලය තුළ පමණක් බව සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග විසින් පසුගිය ජූලි මාසයේ චක්‍රලේඛයක් මගින් සියලු‍ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සරසවි මණ්ඩප ප්‍රධානීන් හා උසස් අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබේ.

කෝප් කමිටුව මගින් ලබා දී ඇති නිර්දේශ අනුව 2024-07-03 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති 1120 වැනි හමුවේදී මෙම තීරණයට එළඹ ඇතැයි එහි සඳහන්ය.
මහාචාර්යවරුන් තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කිසියම් විශ්වවිද්‍යාලයක් මගින් ප්‍රදානය කළහොත් පමණක් සම්මානිත මහාචාර්ය යනුවෙන් භාවිත කළ හැකිය.

එහෙයින් අලු‍තින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය තනතුරු ලබාදීමේදී ඔවුන්ගේ පත්වීම් ලිපිවල ඉහත කී නව වගන්තිය ඇතුළත් කරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු‍ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සරසවි මණ්ඩප ප්‍රධානීන් හා උසස් අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබේ.

මේ ආකාරයට අධ්‍යාපන සංස්ථාව ඇතුළු විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයටත්, සමාජයටත් වැදගත් රාජකාරියක් සිදුකළ විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඉවත් කිරීමට වත්මන් අනුර දිසානායක පාලනය බලය ලැබූ වහාම කටයුතු කෙරිණ. එහිදී මාධ්‍ය වාර්තා පළවූ ආකාරයට අදාළ ඉවත් කිරීම සිදුකර තිබෙන්නේ අගමැති , අධ්‍යාපන අමාත්‍ය, හරිනී අමරසූරිය අදාළ මහාචාර්යවරයා ගේ සේවය තවදුරටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ට අවශ්‍ය බව සලකා ඔහුට දිගටම සේවයේ යෙදෙන ලෙස දැනුම්දී තිබූ පසුබිමක ය. එහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති වත්මන් පාලනය ඉවත් කරනු ලැබුවේ ජවිපෙ සහ ජාතික ජනබලවේගය ට සම්බන්ධ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් ගේ ඉල්ලීමක් අනුව බවටද එකළ මාධ්‍ය වාර්තා පළවී තිබිණ .

Previous articleඅනුරට පස්සේ රනිල්ටත් ඉන්දීය සංචාරයකට ආරාධනා !
Next articleඑන පොට හොඳ නෑ : පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කඩිනම් කරන්න ආණ්ඩුව තීන්දු කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here