චීනය රජය විසින් මෙරට සියලු පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමට අදාළ රෙදි ශ්‍රී ලංකා රජය වෙත භාරදීම වෙනුවෙන් පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් විශාල රාජතාන්ත්‍රික ගැටලුවක් නිර්මාණය වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබේ.
පසුගිය රජය සමයේ විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙරට පාසල් සිසුන්ට එළැඹෙන නව අධ්‍යයන වර්ෂය සඳ්හා අවශ්‍ය පාසල් නිල ඇඳුම් ලබාදීමට අදාළව නිල වශයෙන් එම ප්‍රදානයන් ශ්‍රී ලංකා රජයට භාරදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.
එම උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම ප්රදානය සිදු කළ මහජන චීන සමූහාණ්ඩුව (People’s Republic of China – PRC) වෙනුවට, ඔවුන්ගේ ඓතිහාසික සතුරෙකු ලෙස සැලකෙන ‘තායිවානයට’ (‘Republic of China’ – ROC) ස්තුති කර තිබීම පැමිණ සිටි රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ මෙන්ම නිලධාරීන්ගේද පුදුමයට කරුණක් වී තිබේ.
එමෙන්ම අදාළ උත්සවය සඳහා අග්‍රාමාත්‍යවරිය පැයක පමණ කාලයක් ප්‍රමාද වී පැමිණි ඇති අතර මේ හේතුවෙන් නිසි වේලාවට උත්සව සභාවට පැමිණ සිටි චීන තානාපති කී සෙන් හොන්ග් මහතාට ද උත්සව සභාවෙන් නික්ම ගොස්, ප්‍රමාද වී පැමිණෙන අග්‍රාමාත්‍යවරියගේ පැමිණීමත් සමග උත්සවයට නැවත වරක් පැමිණීමට සිදුව තිබිණි.
මේ අතර පසුගිය සඳුදා ඉරාක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 100ක් සැපිරීම වෙනුවෙන් කොළඹ තරු පහේ හෝටලයක දී ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ උත්සවයක් සඳහා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාට සහභාගී වීමට ආරාධනා කර තිබියදීත් ඔහු එහි පැමිණ සිටියේ නැති බවද එම වාර්තාව හරහා සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.
සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා නියෝජනය කරමින් කිසිඳු නියෝජිතයෙකු පැමිණ නොමැති අතර නොපැමිණීම සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමක් ද සිදු කර නොමැති බවද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ජාතික ධජය හා ඉරාකයේ ජාතික ධජය වේදිකාවේ ප්‍රදර්ශනය කර තිබුණද ශ්‍රී ලංකා රජය පාර්ශ්වය නියෝජනය කරමින් රජයේ කිසිදු නියෝජිතකු මෙම උත්සවය සඳහා සහභාගී වී නොමැත.
කෙසේ වෙතත් කර තමා වෙත කර තිබූ ආරාධනාව පිළිගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම උත්සවය සඳහා සහභාගී වී තිබිණ.