Home අද අනුරගේ ඉන්දීය සංචාරය ඇරඹේ : රනිල්ගෙන් ගැලවිල්ලක් නැති හැඩයි !

අනුරගේ ඉන්දීය සංචාරය ඇරඹේ : රනිල්ගෙන් ගැලවිල්ලක් නැති හැඩයි !

103
0

ජනාධිපති අනුර දිසානායක ගේ ඉන්දීය නිල සංචාරය අද (15) ආරම්භ විය.

විදේශ අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයා අද ඉන්දියාව බලා පිටත්ව යන අතර එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ගේ පළමු විදෙස් සංචාරය ද මෙයයි.

මෙම ඉන්දීය සංචාරය ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව සිදුවෙයි.

මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ජනාධිපතිවරයා ඉන්දීය රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි. එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ මෝදි අගමැති අත්සන් කර තිබෙන එකඟතා ලියවිලි සම්බන්ධයෙන් අවධාරණය කෙරෙනු ඇති බවටද තොරතුරු වාර්තා වෙයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පාලන සමයේදී ඉන්දීය අගමැති ඇතුළු එරට රාජ්‍ය සමඟ අතිශය තීරණාත්මක ආර්ථික , වෙළඳ , ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් එකඟතා වට පැමිණ තිබෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි .

එසේම ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන හා වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික වැඩසටහනකට ද නව දිල්ලි නුවරදී එක්වීමට නියමිත අතර බුද්ධගයාවේද සංචාරය කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අගමැති මෝදිගේ දැක්මට අනුව ඉන්දීය සාගර කලාපයේ සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වයක් හිමිවන බවයි.

එසේම ජනාධිපතිවරයා සමඟ  නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද සංචාරයට එක්ව සිටිති.

Previous articleඉක්මනින් හිඟ බදු ගෙවන්න : පස්සේ කෙඳිරි ගාන්න එපා !
Next articleචීනය දුන් නිළ ඇදුම් වලට අගමැති හරිණි තායිවානයට ස්තූති කරලා — හදුන්නෙත්ති ඉරාකය මඟ හරී : ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අර්බුදයක්?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here