Home අද කථානායකගේ ඉල්ලා අස්වීම තවමත් පාර්ලිමේන්තු මහා ලේකම්ට ලැබී නෑ

කථානායකගේ ඉල්ලා අස්වීම තවමත් පාර්ලිමේන්තු මහා ලේකම්ට ලැබී නෑ

44
0

හිටපු කථානායක අශෝක සපුමල් රන්වල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළත් ඒ සඳහා වන ලිපිය අද (14) දහවල් වනතෙක් පාර්ලිමේන්තු මහා ලේකම්වරිය වෙත ලැබී නොමැත.

කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අශෝක රන්වල මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව කථානායක කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහහුරු කළේය.

ඉතා කෙටි කාලයක් තුළ කථානායක ධූරයේ කටයුතු කළ රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධව පැන නැගුන ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් ඔහුට කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

ආචාර්ය උපාධියට අදාළ සියලු ලිය කියවේලි ඉදිරිපත් කර එය ඔප්පු කිරීමට කාලය මෙය නොවුනත් නුදුරේදීම ඊට අදාල ලියකියවිලි ඉදිරිපත් කරන බව රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ප්‍රකාශ කළේය.

Previous articleලංකාව පුරා හොරට ලියාපදිංචි කළ වාහන 6000ක්
Next articleකථානායකගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here