Home අද පුංචි ඡන්දෙට දුන්නු නාම යෝජනා අවලංගු කිරීමේ සුදානම

පුංචි ඡන්දෙට දුන්නු නාම යෝජනා අවලංගු කිරීමේ සුදානම

38
0

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී තිබෙන නාම යෝජනා අවලංගු කිරීමට අදාළ නීති සංශෝධන පනත් කෙටුම්පත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.

ඊට අදාළ නීති සංශෝධන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර තිබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 80672 දෙනෙක් මහ නගරසභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා පසුගිය වසරේ නාම යෝජනා කැඳවනු ලැබීය.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් 80672 අතුරින් බොහෝ දෙනෙක් පක්ෂ මාරු කිරීම්, විදේශගතවීම් මියයෑම වැනි හේතු නිසා භාර දී තිබූ නාම යෝජනා අහෝසි කර අළුතින් නාමයෝජනා කැඳවීමට තීරණය විය.

මේ අනුව මෙම නාම යෝජනා අහෝසි කිරීමෙන් පසු අලුතින් නාමයෝජනා කැඳවා ලබන මාර්තු මාසය පමණ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පරිපාලන අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.

Previous articleකථානායක ඉල්ලා අස්වීම නිවේදනයක් විතරයි : නියමිත ක්‍රමවේදය තවම නෑ !
Next articleකතානායක පුටුවට නම් පෝලිමක් : නිහාල්, බිමල්, කෞෂල්‍යා, රිස්වි, ගලප්පත්ති, ලක්ෂ්මන් පෙරමුණේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here