Home අද ආණ්ඩුව පහසුකම් දුන්නේ නැත්නම් සහල් ආනයනයෙන් ඉවත් වෙනවා – ආනයනකරුවෝ අනතුරු අඟවති

ආණ්ඩුව පහසුකම් දුන්නේ නැත්නම් සහල් ආනයනයෙන් ඉවත් වෙනවා – ආනයනකරුවෝ අනතුරු අඟවති

91
0

සහල් ආනයනය කිරීමට අවශ්‍ය පහසුකම් ආණ්ඩුව සපයා නොදෙන්නේ නම් සහල් ආනයන කටයුතු වලින් ඉවත් වීමට සිදුවන බව සහල් ආනයනකරුවෝ අනතුරු අඟවති .

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක බද්ද අඩුකිරීම හෝ ආනයනික සහල් මිල ඉහළ දැමීමට හෝ කටයුතු කරන්නේ නම් අකමැත්තෙන් වුවද සහල් ආනයනය නවතා දැමීමට සිදුවන බව ආනයනකරුවෝ කියති.

රටේ ඇතිවී තිබෙන සහල් අර්බුදය අවසන් කිරීමට පුද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් පනස් දහසත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් ආනයනය කළ යුතු බව සහල් ආනයනකරුවන් පිරිසක් පැවසූහ.

බැංකු වලින් මහා පරිමාණයෙන් ණය ලබාගෙන ඇති මහා පරිමාණ මෝල් හිමියන්ට රජයේ පාලන මිල වෙනස් කරමින් තවත් රුපියල් දහයක් ලබාදීම දීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසා මහා පරිමාණ මූල් හිමියන්ට රුපියල් මිලියන පනහක් හැටක් ලාභයක් ඉපයීමට අවස්ථාව සලසා දී තිබෙන බවට ආනයනකරුවෝ චෝදනා කරති.

රටේ පවතින සහල් හිඟය අවසන් කිරීමට නම් අඛණ්ඩ සහල් සැපයුමක අවශ්‍යතාවය පෙන්වා දෙන සහල් අපනයනකරුවෝ තමන් ඉල්ලා සිටින පහසුකම් සැපයීමට ආණ්ඩුව තවදුරටත් කටයුතු නොකරනවා නම් ආනයන කටයුතුවලින් ඉවත්වීම මිසස වෙන කළ යුතු විකල්පයක් නොමැති බව ඔවුහු අවධාරණය කළහ.

Previous articleජනපති හෙට (15) ඉන්දියාවට
Next articleආනයනික සහල් තොග අතර පරිභෝජනයට නොසුදුසු සහල් හමුවෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here